WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ශ්‍රී ලංකා - කොදෙව් පළමු T20 තරගය අද

2024 October 13- Page Views : 21

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන තරග 3කින් සමන්විත 20යි 20 තරගාවලියේ පළමු තරගය අද රංගිරි දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

තරගය අද රාත්‍රී 7ට ආරම්භවීමට නියමිතයි.

දෙරට අතර මේ වනවිට 20යි 20 තරග 15ක් පවත්වා ඇති අතර ඉන් තරග 8ක ජය ශ්‍රී ලංකාව හිමිකර ගනිද්දී කොදෙව් කණ්ඩායම තරග 7ක ජය හිමිකරගෙන තිබේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමක් කොදෙව්වන්ට එරෙහිව 20යි 20 තරගාවලි ජයක් මෙතෙක් හිමිකරගෙන නොමැත.

මේ අතර අද තරගයට ක්‍රීඩාකරන ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් 11දෙනා ප්‍රකාශ කරනු ලැබීය.

එම කණ්ඩායම වන්නේ නායක චරිත් අසලංක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, කමිඳු මෙන්ඩිස්, භානුක රාජපක්ෂ, වනිඳු හසරංග, මහිෂ් තීක්ෂණ, චමිඳු වික්‍රමසිංහ, මතීෂ පතිරණ සහ අසිත ප්‍රනාන්දුයි.

මේ අතර තරගාවලියේ ජයග්‍රහකයින්ට පිරිනමන කුසලානයද ඊයේ එළිදක්වනු ලැබීය.

එම අවස්ථාවේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංක,

"අපි දැක්කා දසුන් ශානක කණ්ඩායමෙන් ඉවතට ගියා, මැද පෙළ පිතිකරුවෙක් වශයෙන් තමයි මමත් පුහුණුකරු, තේරුම් කමිටුවත් කතාවෙලා නැවත භානුකව කණ්ඩායමට ගෙනාවේ."

"භානුක රාජපක්ෂගෙන් කණ්ඩායම වැඩිපුරම බලාපොරොත්තු වෙන්නේ එයාගේ අත්දැකීම් මේ වෙලාවේ. භානුක රාජපක්ෂ කියන්නේ 20යි 20 තරග ගොඩක් ක්‍රීඩා කරලා තියෙන අත්දැකීම් බහුල ක්‍රීඩකයෙක්. කණ්ඩායමට වැදගත් එයාගේ අත්දැකීම. ඉතින් ඒ අත්දැකීම අපට වැදගත්. අත්දැකීමත් සමග අපි කියන්නේ පවර්හිටින් පැත්ත ඕනේ. ඒ නිසා තමයි භානුක විශේෂයෙන් කණ්ඩායමට කැඳෙව්වේ. මොකද එයාට ඕන වෙලාවක හයක් ගහන්න පුළුවන්, ඕන වේලාවට ගේම් එක වෙනස් කරලා රොටෙට් කරන් සෙල්ලම් කරන්න පුළුවන්. ඒක තමයි ප්‍රධාන හේතුව භානුක රාජපක්ෂ කැඳවීමට."