අපි අසාර්ථක වුණා,අඩුපාඩු බලලා ඉස්සරහාට යන්න ඕන, චමරි කියයි
2024 October 14- Page Views : 1187
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවත්වෙන පන්දුවාර විස්ස කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ මුලික වටයෙන් ඉවත් වු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (13) රාත්‍රියේ දිවයිනට පැමිණියා.
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් ඔවුන් මෙලෙස දිවයිනට පැමිණි අතර ලෝක කුසලාන තරගාවලියේ මුලික වටයේ සහභාගි වු තරග හතරම පරාජයට පත්වුනා.
මේ දිවයිනට පැමිණිමෙන් පසු තරග පරාජය සම්බන්ධයෙන් අදහස් දැක්වු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පවසා සිටියේ තමා ඇතුළු කාන්තා කණ්ඩායම මෙම පරාජයේ වගකීම භාර ගත යුතු බවයි.
විශේෂයෙන් පිතිකරණයේ දුර්වලතාවය සියළු දෙනා අතින් සිදු වු බවත් එම තරග දිහා බලා යලි එවැනි තත්ත්වයක් උදා නොවීමට කටයුතු කල යුතු බව ඇය කියා සිටියා.
එමෙන්ම කණ්ඩායාමේ එකමුතුභාවේ ගැටලුවක් නොව දක්ෂා දැක්වීමේදී ඇති වු ගැටළු නිසා මෙම පරාජන් සිදු වු බව ඇය අවධාරණයෙන් කියා සිටියා.