පලස්තීන සරණාගත ඒජන්සිය තහනම්
2024 October 29- Page Views : 360 එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ඒජන්සිය (UNRWA) ඊශ්‍රායල තුළත්, ඊශ්‍රායලය විසින් අත්පත් කරගනු ලැබ සිටින නැගෙනහිර ජෙරුසලම ප්‍රදේශයේත් ක්‍රියාත්මක වීම තහනම් කිරීමට ඊශ්‍රායල රජය තීරණය කළේය. ඒ, එම තහනමට පාර්ලිමේන්තුවේ ඡන්දය හිමිවීමෙන් පසුවය.
එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ඒජන්සිය (UNRWA) තහනම් කිරීමට අදාල නීති සම්පාදනය, මාස තුනක් ඇතුළත සිදු කිරීමට ඊශ්‍රායල පාර්ලිමේන්තුව හෙවත් නෙසට් සභාව තීරණය කර ඇතැයි ද පැවැසෙයි.
ඊශ්‍රායලය දිගින් දිගටම එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ඒජන්සියට චෝදනා නගා ඇත්තේ ඔවුන් පලස්තීන වැසියන්ට ආධාර ලබා දීමේ මුවාවෙන් හමාස් වැනි ඉස්ලාමීය සටන්කාමීන්ට අනුග්‍රහය දක්වන බවටය.