WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

දෙවියනේ පොලු තියනවා කියලා මෙහෙමත් පොලු!

2024 October 29- Page Views : 13

නොගෙවා මග අරලා කියලා ජාතික විගණන කාර්‍යාලය නිකුත් කරපු වාර්තාවක සඳහන් වෙනවා.

ආරංචියේ හැටියට මේ පොල්ල තියලා තියෙන්නේ එසේ මෙසේ පිරිසක් එහෙම නෙමේ.

රට ගැන වගකිමක් ඇති ඇමතිවරු. අමාත්‍ය නිල නිවාසවලට ලබාදීපු ජල සම්බන්ධතා 23කට අදාළව මේ හිඟ මුදල නොගෙවා ඉදලා. මේ වෙනකොට එහෙම පොලු තියපු මහජන නියෝජිතයෝ සමහරක් අය මිය ගිහින්.

ඒ අයගේ හිඟ මුදල් පියවා ගන්න විදියක් නෑ කියලා පාර්ලිමේන්තු මහ ලේකම්වරිය දන්වලා තියෙන බව වාර්තාවේ වැඩිදුරටත් සදහන්. මෙච්චර බිලක් එකතු වෙනකම් ජල සම්පාදන මණ්ඩලය නිහඬ පිළිවෙතක් අනුගමනය කරපු එක නම් ගැටලුවක්.

කාට කාටත් එකම හැන්දෙන් බෙදන්න ඕන වුණත් ඇමතිවරුන්ගේ බලයට යට වෙන්න ඇති. හැබැයි දැන් විගණනයට පිළිතුරු දෙන්න සිද්ධවෙලා , හිඟ මුදල් වහාම අය කරගන්න කියලා විගණන අංශ දන්වා ඇත්තේ.

මේ හිඟ මුදල් සම්බන්ධයෙන් විගණනයට පිළිතුරු දුන්න ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ඇමතිවරුන්ගේ පෞද්ගලික නිවාසවල හිඟ මුදල් සාමාන්‍ය පාරිභෝගිකයන් සේ සලකා අය කර ගන්න කටයුතු කරගන්නවා කියලා ප්‍රකාශ කර ඇති අතර,හිඟ මුදල් නොගෙවන ඇමති නිවාසවල විදුලිය විසන්ධි කරන්නත් අවසර හිමිවෙලා කියලා තමයි ආරංචිය.

මේවා කාට කාටත් පාඩම්. කොහොම වුණත් මේ කතාව අහනකොට නම් අපට තේරෙන්නේ, වතුර බිල පියවන්න බැරි වුණොත් ඇමතිවරු කියලා බේරුමක් නම් නැති වෙයි කියලා තමයි.