සූකර උණ ව්‍යාප්ත වීම ගැන සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට බරපතළ චෝදනාවක්
2024 October 30- Page Views : 358 සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිසි ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් සූකර උණ රෝගය ව්‍යාප්ත වී ඇති බව ශ්‍රී ලංකා සත්ව ප්‍රවාහන සහ සත්ත්ව නිෂ්පාදන සංගමය පවසයි.
එම සංගමයේ ජයලත් බාලසූරිය මහතා පවසන්නේ බලධාරීන් අදාළ රෝග නිවාරණ පනතට අනුව ක්‍රියාත්මක වූයේ නම් මෙම සූකර උණ රෝගය මැඩපැවැත්වීමට හැකියාව පැවති බවය.
"මේ වගේ රෝගයක් හැදුනහම පළමුවෙන්ම කරන්න ඕනේ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේක වාර්තා වුණාට පස්සේ, මුලින්ම රෝගය හඳුනාගන්න ඕනේ. ඊට පස්සේ 1992 අංක 59 දරණ සත්ත්ව රෝග නිවාරණ පනත අනුව ඒ ප්‍රදේශයේ ඉන්න අධ්‍යක්ෂවරයාට පුළුවන් ඒ රෝගය තියෙන ස්ථානය වසා දමන්න. මහෙස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කරලා මේ වගේ බෝවෙන රෝගයක් තියෙනවා ඒ නිසා මේ ස්ථානය සීල් තියන්න පුළුවන්. බැහැයි පහුගිය මාස 5ක් තිස්සේ මේ ක්‍රියාදාමය ලංකාවේ කොහේවත් වෙලා නෑ. ඒ කියන්නේ ක්‍රියාදාමය හිතාමතාව පැහැර හැරලා. කිසිම දෙයක් වෙන්නේ නැතුව ලංකාව පුරාම පැතුරුණාට පස්සේ ගැසට් එකක් ගහනවා. ඒක කරන්න ඕනේ ලංකාවට රෝගය ආවා කියලා හඳුනා ගත්තට පස්සේ."
මේ අතර තම ගොවිපළේ ඌරන්ට කිසියම් රෝගී තත්ත්වයක් පවතින්නේ නම් වහාම පශූ වෛද්‍ය නිලධාරීන් දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස රජයේ පශූ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය සිසිර පියසිරි මහතා ඉල්ලීමක් කරයි.