පෝරුවට නැග්ග ඇයට ටික වේලාවකින් මොකද වුණේ? ඇතුගල්පුරයෙන් ඇහෙන හිතා ගන්න බැරි කතාවක්...
2024 November 04- Page Views : 43 විරිත්වලට අනුව මංගල චාරිත්‍ර සිදු කරන අතරවාරයේ දී මනාලිය මඟුල් පෝරුවෙන් පැන අම්මාගේ කරේ එල්ලී හඩා වැලපුනු පුවතක් ඇතුගල්පුරයෙන් අසන්නට ලැබෙනවා.
ගම්බද පෙදෙසක හැදුනු වැඩුණු තරුණ කාන්තාවකි. ඇය පෞද්ගලික ආයතනයක සේවය කරයි. පැහැයෙන් ලස්සන නිසා ඇයගේ අත ගන්නට රාජ්‍ය සේවයේ නියැළෙන තරුණයකු පැමිණියේය.
ඒ සදහා දෙපාර්ශවයේම අය කැමැති වූහ. මනාලයා දුර පළාතක සේවය කරන නිසා ඔහු ස්ථාන මාරුවක් ලැබ ගන්නා තෙක් මංගල්‍යය ද පමා කළේය.
කෙසේ හෝ ඔහු ස්ථාන මාරුවක් හදා ගත්තේ මංගල්‍යය ඉක්මනින් සිදු කිරීම සඳහා ය. ඒ අනුව මඟුලට දින වකවානු ළඟා වුණි.
මනාලයා වයඹ පළාතේ නගර බද පෙදෙසක සිට ගැමි පෙදෙසක පිහිටි හෝටලය කරා තම පවුලේ උදවිය හා හිතවතුන් කරා පැමිණියේය.
මංගල්‍යය ජයටම ඉහළින් සිදු වෙයි. එය බලන්නට මනාලිය සේවය කරන ආයතනයේ හිතවත්හු හා හිතවතියෝ ද එක්ව සිටිති.
මංගල පෝරුවේ නැකැත් කාලය උදා වුණි. ජය මඟුල් ගාථා හා අෂ්ඨක කීමෙන් අනතුරුව දෙපාර්ශවයේම අය බුලත් අත් දෙමින් යුවළට සුඛ පතති.
එලෙස සුබ පතනා අතරේ ආයතනයේ පිරිස්ද මනාලියට බුලත් අත් දෙන්නට පෙළ ගැසුණි.
එක් හිතවතකු බුලත් අතක් ඇය අත තබනවාත් සමගින් මනාලිය මර ලතෝනි තබමින් එහි අවට දල්වා තිබූ පහන් ආදිය ද පෙරළාගෙන මඟුල් පෝරුවෙන් බිමට පැන්නාය.
සිදු වූ දේ තේරුම් ගන්නට බැරිව රැස්ව සිටි පිරිස් එහේ මෙහේ බැලුව නමුත් කිසිවකුටත් කිසිවක් අදහා ගන්නට බැරි විය.
ඇය නොනවත්වා තැති ගැස්මෙන් යුතුව අම්මාගේ කරේ එල්ලී කිසිත් කියාගත නොහැකිව පෝරුව දෙස බලමින් දෙගිඩියාවෙන් යුතුව පසු විය.
මඟුල් පෝරුවේ වහළය අසල සිටි සතකු දැක ඇය බියට පත් වෙලාය.