WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඇය හීන මැවූ ඒ දවස එන්නත් කලින් අම්මා යන්නම ගිහින්..

2024 November 08- Page Views : 38

කෙනෙක්ට කියන්න පුළුවන් අපේ ජීවිතය හරි අවිනිශ්චිතයි කියලා.

ඒත් මේ තරම් දෛවය අපට හරස් වෙන වෙලාවක් ඔහු මේ දුක කොහොම නම් දරාගන්නවා ඇතිද.

ඒ දුක කියාගන්න වචන නැතිවුණත්, මේ ඡායාරූප අතරින් ඉකිබිඳින කඳුළු ඊට සාක්ෂි කියාවි.

උපාධියක් ඒ හීනය සැබෑ වෙන දවස ඒකේ සතුට තේරෙන්නේ ඒ හීනෙට ආස කරපු, ඒ හීනෙට ලෝබ කරපු කෙනෙක්ට විතරමයි දිල්ෂාන් ප්‍රේමරත්න ඒ හීනයට ආස කරපු තවත් එක් තරුණයෙක්.

ඔහු කලාවට ගොඩක් ළැදි කෙනෙක් ඒ විතරක් නෙවෙයි, දිල්ෂාන්ගේ උපාධි සිහිනය වෙනුවෙන් හීන දැක්ක තවත් මහා වෘක්ෂයක් ඔහුගේ පිටුපස සිටියා ඒ ඔහුගේ ආදරණීය අම්මා ඇය කලක පටන් දුටු සිහිනය සැබෑවෙන දවසකට දින ගණනක් ඉතුරුව තිබියදී බොහෝ දෙනෙක් දැක්ක හීනවල සතුට සැනසුම සොරා ගෙන ඔහුගේ අම්මා සියල්ලන්ගෙන් මිදී නොපෙනන දුරකට නික්ම ගිහින්.

ඉතින් මේ දුක ඔවුන් කොහොම නම් දරාගන්නද අම්මා උපාධි උත්සවයට එන්න ලස්සන සාරියකුත් අරගෙන අනේ ඒත්, ඇයට ඒ අවස්ථාව ගිහිලී යන්නේ දෛවයේ සරදමක් ලෙසයි.

සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ උපාධිය අවසන් කළ පුතුගේ උපාධි ප්‍රධානෝත්සවයට සහභාගී වීම ඇගේ හීනයක් වුණත්, ඊයේ දිනයේ පැවැත්වුණු උපධි ප්‍රදානෝත්සවය වන විට දිල්ෂාන්ගේ මවගේ නිසල සිරුර ඔහුගේ ගෙදර සාලයේ තැන්පත් කර තිබුණා කලක පටන් පැවති රෝගී තත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ දිල්ෂාන්ගේ මව මියයන විට 52හැවිරිදි වියේ පසු වුණා.. මවගේ නිසල සිරුරට වැද ඔහු ඊයේ නිවසින් නික්ම ගියේ වසර 4ක ඒ හීනය සැබෑ කරගෙන නැවතත් එන්නටයි.

ඒ කතාව පිටුපස අනික් උපාධිධාරීන්ට ලැබුණ සතුට ඔහුට අහිමි වුණත්, තම මවගේ නිසල සිරුර අසල පැමිණි මේ පුතු ඔහුගේ උපාධි පළඳානා සියල්ල ඇගේ නිසල සිරුර අසලින් තබා ඇයට වැද ආශිර්වාද ලබාගත් සංවේදී මොහොත මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙනවා ඒ විතරක් නෙවෙයි, මේ වගේ මොහොතක වුණත් දිල්ෂාන්ට ශක්තියක් වෙන්න තවත් පිරිසක් ඔහු වටා එක්වෙලා ශක්තිමත් පවුලක්, මේ මොහොතේ සිදුවන සියල්ල දරාගන්න ඔහුට සවියක් වේවි.

අම්මාගේ හීනය සැබෑ කරගන්න ඔහු ආ ගමන මොන තරම් දුශ්කර ඇතිද. ඒත් කොහේ කොතැනක හිටියත් ඔහුගේ සාර්ථකත්වය පිටුපස ඇය සවියක්ව සිටීවි මේ ඒ සංවේදී අවස්ථාව ගැන