මගීන් විශාල පිරිසක් රැගෙන ගුවන්ගත වීමට සැරසුණු යානයකට අමෙරිකාවේදී වෙඩි ප්‍රහාරයක්..
2024 November 19- Page Views : 18 කියන්න යන්නේ තවත් එක් කණගාටුදායක පුවතක් ගැන ඇසෙන කතාවක් මෙය අහම්බයක්ද නැද්ද යන්න පිළිබඳව මෙතෙක් පවතින්නේ සැකයක්.
අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලාස් ගුවන්තොටුපොළේ සිට ගුවන්ගතවීමට නියමිතව තිබූ මගීන් රැගත් ගුවන්යානයකට වෙඩි ප්‍රහාරයක් එල්ල වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
සවුත්වෙස්ට් ගුවන් සේවයට අයත් එම ගුවන් යානයට වෙඩි ප්‍රහාරය එල්ල වෙද්දී එහි මගීන් 99 දෙනකු අසුන්ගෙන සිටි බවත්, ඉන් කිසිවෙකුටවත් තුවාල සිදුව නොමැති බවත් එම මාධ්‍ය වාර්තාවේ සඳහන්.
ඉන්ඩියානා ප්‍රාන්තයේ ඉන්ඩියානා පොලිස් අගනුවර වෙත පියාසර කිරීමට නියමිතව තිබූ එම ගුවන් යානයේ දකුණුපස පියාසර තට්ටුවට පහළින් එම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබෙනවා.
කෙසේ වුවද වෙඩි පහරින් පසු එම ගුවන් යානය නැවත හරවා මගී ප්‍රවේශ දොරටුව වෙත ගොස් ඇති අතර, සියලු මගීන් ගොඩබස්වා පූර්ණ පරීක්ෂණයකට ලක් කර තිබෙනවා.
මෙය අහඹු ලෙස සිදුවූ වෙඩි තැබීමක් බවට පොලිසිය සැකකර ඇති අතර, වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තාවේ සඳහන්.