තෙලි තුඩින්,සප්ත ස්වරයෙන්,සිනමාවෙන් ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත්කළ ප්‍රවීණයෙක් අද අවසන් ගමනේ..
2024 November 20- Page Views : 10 සමහර ගීත තියනවා ඇත්තටම හිත නිවෙන්න ඒ ගීත එක වතාවක් ඇහුවොත් හොඳටම ඇති..
ඒ ගීතවල අර්ථය තව තවත් ඉස්මතුවෙන්න ඒ ගීතවලට එක්කරලා තියන රූප රචනාවලට පුළුවන්කමක් ලැබෙනවා..
මේ කියන්න යන්නේ අන්න ඒ වගේ විශිෂ්ට නිර්මාණ රැසක් කළ ප්‍රවීණයෙකුගේ නික්මයාම ගැන කතාවක්.. ඔහු නමින් තේජා ඉද්දමල්ගොඩ.. මීට දින කිහිපයකට ඉහතදි මේ කලාකරුවා අප අතරින් වෙන්වුණා..
ඒ සංවේදි කාරණයත් එක්කම ඔහු ගැන ඔහුගේ නිර්මාණ ගැන කලා ලෝකයෙවෙ බොහෝ දෙනා වගේම සමාජමාධ්‍ය පිටු අතර විවිධ සටහන් පළවුණා.. මෙරට කලා පවුලක සාමාජිකයෙකු ලෙස ක්ෂේත්රය පිවිස සංගීතයෙන්, සිනමාවෙන්, මාධ්‍යයෙන්, චිත්‍ර කලාවෙන් වැනි ඉසව් ගණනාවක් ඔස්සේ සිය ප්‍රවීණත්වය ප්‍රකට කළ තේජා ඉද්දමල්ගොඩ මියයන විට හෙතෙම 61 වැනි වියෙහි පසුවුණා..
තවත් බොහෝ කල් ආයු විඳිය යුතු නිර්මාණ වේදියෙක් වන මොහුගේ මේ නික්මයාම ඇත්තටම කලාලෝකයට පිරවිය නොහැකි හිස්තැනක්..
මේ ප්‍රවීණ නිර්මාණවේදියා වෙනුවෙන් අවසන් ගෞරව දක්වන්නට මේ වන විටත් විශාල පිරිසක් එක්ව තිබෙනවා.. ප්‍රවීණ සේම ජනප්‍රිය කලා ශිල්පීන් රැසක්ද ඒ අතර වුණා..
අද සවස 3.30ට කෝට්ටේ ශාන්ත තෝමස් දේවස්ථානය වෙත ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීමට නියමිතයි..