ලෙබනනයේ බේරූට් නුවරට එල්ල වූ ගුවන් ප්‍රහාරයෙන් 20 දෙනෙකු මරුට
2024 November 24- Page Views : 8 ලෙබනනයේ බේරූට් නුවරට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 20 දෙනෙකු මියගොස් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ හිස්බුල්ලා සටන්කාමීන් රැඳීසිටින ස්ථාන ඉලක්ක කර ගනිමින් මෙම ගුවන් ප්‍රහාරය එල්ල කර ඇති බවය.
ඊශ්‍රායලය පැවසුවේ ප්‍රහාරයට පෙර කිසිදු අනතුරු ඇඟවීමක් සිදු නොකළ බවත් ජ්‍යෙෂ්ඨ හිස්බුල්ලා නායකයෙකු ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි.
මෙම ප්‍රහාරයෙන් කඩා වැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන් අතර තිබෙන සිරුරු සෙවීම සදහා කටයුතු කරමින් බව ලෙබනන් ජාතික ප්රවෘත්ති ඒජන්සිය වාර්තා කර තිබේ.