ඩොලරයට සාපේක්ෂව රූබලය පහතට
2024 November 29- Page Views : 1187
2022 මාර්තු මාසයෙන් පසු එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුසියානු රූබල් මුදල් ඒකකය 110ට වඩා පහත වැටී ඇති බව රුසියානු රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය ප්‍රකාශ කළා.
යුක්රේනය සමග පවතින යුද්ධය උත්සන්න වීම සහ එක්සත් ජනපදයේ නව සම්බාධක මීට හේතු වී ඇති බවයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.
මේ අතර රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යුක්රේනයේ කියෙව් අගනුවර ප්‍රධාන මධ්‍යස්ථාන වෙත නවතම බැලස්ටික් මිසයිලයක් එල්ල කරන බවටද තර්ජනය කර තිබෙනවා.