WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

‘‘ෆෙන්ගල්‘‘ තමිල්නාඩුව දෙසට

2024 November 30- Page Views : 9

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයෙ පවතින ෆෙන්ගල් සුළිකුණාටුව ඊයේ (29) රාතී වන විට ත්‍රිකුණාමලයට කිලෝ මීටර් 360ක් පමණ උතුරු දෙසින් සහ කන්කසන්තුරේ සිට කිලෝ මීටර් 280ක් පමණ ඊසාන දෙසින් පිිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපර්ත මේන්තුව දැනුම් දෙයි.

එය බස්නාහිරට බවර වයඹ දෙසට ගමන් කර අද සවස් වන විට උතුරු - පුදුචේරි වෙරළ වෙත ළඟා වන ඇතැයි ද දිවයිනේ කාලගුණයට මෙම පද්ධතිය මගින් වන බලපෑම ක්‍රමයෙන් අඩු වෙමින් පවති.

උතුරු පළාතෙත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් අහස වළාකුළින් බරව පවතින අතර විටින් විට හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75 තරමක තද වැසි ඇති වේ.

සබරගමුව පළාතෙත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර බස්නාහිර, වයඹ සහ උතුරු මැද පළාත්වල වැසි වාර කීපයක් ඇති වේ. සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දි හෝ රාත්‍රීකාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.