අප්‍රිකානු සූකර උණ රෝගයේ අලුත්ම තත්ත්වය
2024 November 30- Page Views : 1874
අප්‍රිකානු සූකර උණ රෝගය යම් මට්ටමකින් මේ වනවිට පාලනය කර ඇති බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ සභාපති වෛද්‍ය සිසිර පියසිරි මහතා පවසා සිටියේ, රෝගය වැලඳී නොමැති ගොවිපළවල මස් නිවරදි ක්‍රමවේදය යටතේ මිනිස් පාරිභෝජනය සඳහා යෙදවීමට පියවර ගන්නා බවයි.
එමෙන්ම අප්‍රිකානු සූකර උණ රෝගය වැලඳීම හේතුවෙන් ගොවිපළ රැසක් මේ වනවිට සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව එහි හිමිකරුවන් පෙන්වා දෙයි.
එනිසා සිය ව්‍යාපාර යළි ගොඩනගා ගැනීම සඳහා වන්දි මුදලක් ලබාදීමට රජයෙන් පියවර ගතයුතු බව ඔවුන් පවසයි.