මැතිව්ස් සිය ටෙස්ට් දිවියේ ටෙස්ට් ලකුණු 8000 සීමාව පසු කරයි
2024 December 07- Page Views : 31 ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර, පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ තුන්වන දිනය අදයි.
ඊයේ දෙවන දිනට තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 03 දැවී ලකුණු 242 ලබා සිටියා.
දකුණු අප්‍රිකානු කණ්ඩායම සිය පළමු ඉනිම ලකුණු 358ක් ලබා ගත්තා.
මේ අතර, සිය ටෙස්ට් දිවියේ ටෙස්ට් ලකුණු 8000 සීමාව පසු කර යාමට ඇන්ජලෝ මැතිව්ස් ඊයේ සමත් වුණා.
මේ වනවිට ඔහු නොදැවී ලකුණු 40ක් ලබා සිටිනවා.
ඒ අනුව, ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 8000 සීමාව පසුකළ තුන්වැනි ක්‍රීඩකයායි.
මෙහි පෙරමුණේ පසුවන්නේ හිටපු ක්‍රීඩක කුමාර සංගක්කාර වන අතර ඔහු ලකුණු 12,400ක් ලබා ගැනීමට සමත් වුණා.
මහේල ජයවර්ධන ටෙස්ට් ලකුණු 11,814ක් ලබා ගනිමින් එහි දෙවන ස්ථානයේ පසුවනවා.