දකුණු අප්‍රිකාව ලකුණු 221ක් ඉදිරියෙන්
2024 December 08- Page Views : 30 ශ්‍රී ලංකා සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වැනි දිනය නිමාවන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩාකරන දකුණු අප්‍රිකා කණ්ඩායම මේ වන කඩුලු 3ක් දැවී ලකුණු 191ක් ලබාගෙන සිටියේය.
ඒ අනුව ඔවුන් මේ වනවිට ශ්‍රී ලංකාවට වඩා ලකුණු 221ක් ඉදිරියකින් සිටියි.
ශ්‍රී ලංකා පිල සිය පළමු ඉනිමේදී ලකුණු 328 කට සියලුදෙනාදැවී ගියේය.
තුන්වැනි දිනය සඳහා අද තරගය ආරම්භ කරනවිට සිය පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 242ක් රැස් කරගෙන සිටියේය.
කෙසේවෙතත් ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 328 කට සීමා කිරීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් සමත්වුණි.
පැතුම් නිස්සංක ලකුණු 89 ක්ද , කමිඳු මෙන්ඩිස් ලකුණු 48 ක්ද , චන්දිමාල් හා මැතිව්ස් ලකුණු 44 බැගින්ද රැස් කළේය.
පන්දු යැවීමේදී ඩේන් පැටර්සන් ලකුණු 71කට කඩුලු 5ක් දවා ගත්තේය.
ඒ අනුව ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 30 වාසියක් සමඟින් දකුණු අප්‍රිකාව මේ වනවිට දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටී.