WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් විශේෂ වැඩපිළිවෙළක්

2024 December 08- Page Views : 28

උත්සව සමය නිමිත්තෙන් මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන නගර ආශ්‍රිතව අලෙවි කරනු ලබන ආහාර පාන පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ ක්ෂේත්‍ර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 1750ක පමණ පිරිසක් මේ සඳහා අනියුක්ත කර ඇති බවය.

උත්සව සමය ඉලක්ක කර ගනිමින් නිෂ්පාදනය කරනු ලබන ආහාර සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය පිළිබදව ද මෙහිදී පරීක්ෂාවට ලක්කරන බව උපුල් රෝහණ මහතා සදහන් කළේය.

දෙසැම්බර් මස පළමු වන දින සිට මේ දක්වා කාලය තුළ දිවයින පුරා වැටලීම් 150කට වැඩි සංඛ්‍යාවක් සිදුකර ඇති බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සදහන් කළේය.