එලඹෙන ශ්‍රී ලංකා සංචාරයේදී ඔස්ට්‍රේලියාව අමතර එක්දින තරගයක් ඉල්ලයි?
2025 January 10- Page Views : 21 එළඹෙන ශ්‍රී ලංකා සංචාරයේදී ඔස්ට්‍රේලියාව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අමතර එක්දින තරගයක් සඳහා ඉල්ලීමක් කර ඇති බව වාර්තා වෙනවා.
එම සංචාරයේදී ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර එක්දින තරඟයක් පැවැත්වීමට නියමිත අතර ඊට අමතරව තවත් අතිරේක එක්දින තරගයක් සඳහා මෙලෙස ඉල්ලීමක් කර ඇති බවටයි වාර්තා වෙන්නේ.
එළඹෙන ලෝක චැම්පියන්ස් කුසලානය සඳහා සූදානම් වීම සඳහා මෙම ඉල්ලීම ඕස්ට්‍රේලියාවෙන් සිදුකර ඇති බවද වාර්තා වෙනවා.
එලෙස ඔවුන්ගේ ඉල්ලීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉඩ ලබාදීමක් සිදුකළහොත් ඔස්ට්‍රේලියානු ශ්‍රී ලංකා සංචාරයේදී එක්දින තරග දෙකක් පැවැත්වෙනු ඇති.
පෙර සැලසුම් කර ඇති තරගය පැවැත්වීමට නියමිතව තිබුණේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී.
නමුත් එක්දින තරග දෙකක් ලෙස වෙනස් වුවහොත් එම තරග දෙකම කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට ඉඩ ඇති බවටයි වාර්තා වෙන්නේ.