WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ගාසා සටන් විරාමයක් ගැන සුබ ලකුණු

2025 January 13- Page Views : 108

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සටන් විරාමයක් සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අතර සාකච්ඡාවක් සිදුව තිබේ.

අමෙරිකානු ජනාධිපතිවරයා සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා අතර දුරකථනය ඔස්සේ ඊයේ (12) මෙම සාකච්ඡාව සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එහිදී ගාසා තීරයේ පවතින ගැටුම් සම්බන්ධයෙන් සටන් විරාම ගිවිසුමක් පිළිබඳ අවධානය යොමු වී ඇති බව සඳහන්ය.

ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද එහිදී දෙපර්ශවයේ අවධානය යොමු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.