WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

T20 කඩුලු 300ක් දවාගත් පළමු ශ්‍රී ලංකික පන්දු යවන්නා බවට වනිඳු පත්වෙයි

2025 January 23- Page Views : 30

ජාත්‍යන්තර ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ රැක ගන්නට වනිඳු හසරංග ක්‍රීඩා කරන ඩෙසර්ට් වයිපර්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ සාජා වොරියර්ස් කණ්ඩායම සමග පැවැති තරගයෙන් කඩුලු 10ක සුපිරි ජයක් වාර්තා කරමින්.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් සාජා වොරියර්ස් කණ්ඩායමට පන්දුවාර 19යි එක් පන්දුවකදී සියල්ලන් දැවී රැස්කර ගැනීමට හැකිවුණේ ලකුණු 91ක් පමණයි.

මොහොමඩ් අමීර් කඩුලු 4ක් දවා ගත්තා.

සුපිරි පන්දු යැවීම නිරත වූ වනිඳු හසරංග සිය පන්දුවාර 4 අවසන් කළේ ලකුණු 10කට කඩුලු 3ක් බිඳ දමමින්.

මේ සමග වනිඳු පන්දුවාර 20 දිවියේ කඩුලු 300යේ සීමාවට පැමිණියා.

එවැනි දස්කමක් දැක් වූ පළමු ශ්‍රී ලංකා පන්දු යවන්නා වන වනිඳු මෙම සීමාවට පැමිණියේ තරග 208ක් පමණක් වැය කරමින්.

ඒ අනුව ලොව වේගයෙන්ම පන්දුවාර 20 කඩුලු 300යේ සීමාවට පැමිණි ක්‍රීඩකයාගේ වාර්තාව ද වනිඳු සිය නම ඉදිරියේ ලියා වෙන් කර ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඩෙසර්ට් වයිපර්ස් කණ්ඩායම පන්දුවාර 10කදී කිසිවෙකු නොදැවී ලකුණු 95ක් ලබා තරගය සටනකින් තොරවම ජය ගත්තා.