CC වසරේ එක්දින කණ්ඩායමේ නායකත්වය අසලංකට;
2025 January 24- Page Views : 31 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2024 වසරේ එක්දින කණ්ඩායම අද (24) ප්‍රකාශයට පත් කළ අතර එහි නායකත්වය ශ්‍රී ලංකා එක්දින හා පන්දුවාර විස්සයි විස්ස නායක චරිත් අසලංකට හිමිව තිබෙනවා.
එමෙන්ම ඔහු සමගින් තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තිදෙනෙකු ද මෙම සංචිතයට ඇතුළත්ව ඇති අතර ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක මෙම සංචිතයේ අංක 3 පිතිකරු ලෙස නම්කර තිබෙනවා.
එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය කඩුලු රකින්නා වන කුසල් මෙන්ඩිස් මෙම කණ්ඩායමේද කඩුලු රකින්නා ලෙස තෝරාගෙන තිබෙන බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරන්නේ.
ඒ අනුව කුසල් මෙන්ඩිස්ට අංක 4 ස්ථානය හිමිව තිබෙනවා.
මෙම කණ්ඩායමේ සිටින අනෙක් ක්‍රීඩකයා වන තුන්ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගයි.
ඔහු අංක 8 ස්ථානයට නම් කිරීමටයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර ඇත්තේ.