පළමු ටෙස්ට් තරගය පැතුම්ට අහිමි වෙයි
2025 January 27- Page Views : 32 නවසීලන්තයේදී පාදයේ ආබාධයකට ලක් වූ පැතුම් නිස්සංකට ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අහිමිව යන බවට තොරතුරු වාර්තා වෙනවා.
ඒ අනුව පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භ පිතිකරු ලෙස ඕෂධ ප්‍රනාන්දු කටයුතු කිරීමට නියමිතයි.
ඕෂධ වසර 2කට ආසන්න කාළයකින් ජාත්‍යන්තර ටෙස්ට් තරගයක් ක්‍රීඩා කර නොමැති අතර අවසන් වරට ඔහු 2023 වසරේ මාර්තු මාසයේදී නවසීලන්ත තරග සංචාරයේදී ටෙස්ට් තරගයක් ක්‍රීඩා කළා.
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර වෝන් - මුරලි කුසලාන වෙනුවෙන් පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අනිද්දා ආරම්භ වීමට නියමිතයි.
ඒ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.
මෙම තරගය ඉලක්ක කර ගනිමින් දෙපිලේ ක්‍රීඩකයින් ඊයේ සිය පළමු පුහුණු සැසිය සඳහා එක්ව සිටියා.