ආශි සහ අග්‍ර පුතුන්ට ඇය එක්කළ සුබපැතුම මෙන්න..
2025 January 30- Page Views : 28 ඒ විතරක් නෙවෙයි, ඇගේ දීප්තිය වැඩි වෙන්නට දැන් මේ පුංචි පැටව් දෙන්නත් හේතුවක් වෙලා.
දීපිකා ප්‍රියදර්ශනී ලංකාවේ කා අතරත් ජනප්‍රිය කලාශිල්පිනියක් මේ කියන්න යන්නේ දීපිකා ගැන ඇසෙන අලුත්ම කතාවක්.
පොඩ්ඩෝ දෙන්නෙක්ගෙන් එයාලාගේ ලෝකය සරසාගත් දීපිකාට මේ විශේෂ දවස අමතක කරන්නම බැරුව ඇති ඇගේ පුංචි පුතාලා දෙන්නාගේ උපන්දිනය පසුගිය දවසක යෙදිලා තිබුණා.
ඉතින් ඒ දවසේ හිත සතුටෙන් පුරවාගත් ඇය මෙන්න මේ විදිහට ආදරණිය සටහනකින් ආශි සහ අග්‍ර පුතුන් දෙදෙන්නාට සුබපැතුම් එක්කරලා තිබුණා..
"කලා සොළස පුරවාගෙන සතුටින්ම
වළා පෙළට සඳ ආවා හිනහෙන්න
බලා නැකැත් සිය දහසක් දෙවියන්ම
දුලා නයන මිණි වන් පුතු මට දුන්න.
අද දින උපන් දිනය සමරන අපේ ආදරණීය ආශි සහ අග්‍ර පුතුන් හට නිදුක් නිරෝගී වාසනාවන්ත උපන්දිනයක් පතමි.
ආදරණීය අම්මා සහ තාත්තා ගෙන්."