WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා දෙවන ටෙස්ට් තරඟයේ දෙවන දිනය අදයි

2025 February 07- Page Views : 60

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන දිනය අදයි (07).

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරඟය පෙරවරු 10ට ආරම්භ වීමට නියමිතයි.

තරඟයේ පළමු දිනය වූ ඊයේ (06) දිනයේ තරඟය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 09ක් දැවී රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 229ක්.

නොදැවී කඩුල්ලේ රැඳී සිටි කුසල් මෙන්ඩිස් ලකුණු 59ක් රැස්කරගෙන සිටි අතර ලහිරු කුමාර ලකුණු නොලබා කඩුල්ලේ රැඳී සිටියා.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ දිනේෂ් චන්දිමාල් ලකුණු 74ක් රැස් කිරීමට සමත් වුණා.

සිය අවසන් හා සියවන ටෙස්ට් තරඟයට ක්‍රීඩා කරන දිමුත් කරුණාරත්නට පළමු ඉනිමේ ලබාගත හැකි වූයේ ලකුණු 36ක් පමණයි.

මිචෙල් ස්ටක් ලකුණු 37කට කඩුලු 03ක් දවා ගත් අතර නේතන් ලියෝන් ලකුණු 78කට කඩුලු 03ක් දවා ගත්තා.