WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පුංචි තිරයත්, වේදිකාවත් රංගනයෙන් හැඩකළ ඇය ජීවන රඟමඩලට සමුදෙයි...

2025 February 13- Page Views : 30

වේදිකා, ටෙලිනාට්‍ය සහ සිනමා නිළි කුමාරි පෙරේරා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඇය 69 වැනි වියෙහි පසු වුණා.

නැසීගිය ප්‍රවීණ ගායක ටී. ෂෙල්ටන් පෙරේරාගේ සහ ජේෂ්ඨ රංගන ශිල්පිණී සූරියරාණි පෙරේරාගේ නැගණියක වන ඇය අට හැවිරිදි වියේදී 'වෙස්සන්තර' නාට්‍යයේ 'ක්‍රිෂ්ණජිනා'ගේ චරිතය රංගනය කරමින් කලා ලොවට පිවිසියාය.

එමෙන්ම ඇය පැරණි ටවර්හෝල් නළු නිළි යුවළක් වූ ටි විල්බට් පෙරේරාගේ සහ සෝමකාන්තාගේ දියණියකි.

සරත්චන්ද්‍රයන්ගේ "මනමේ" නාට්‍යයේ මනමේ කුමරිය ලෙස ද රංගනයේ යෙදීමට වරම් ලත් ඇය "සිංහබාහු" නාට්‍යයේ සිංහ සීවලී ද හට කලක් පණ පෙවුවාය.

"පොද වැස්ස", "බෝඩිම", "ඉරට හඬන මල්", "කන්දෙ ගෙදර", "කෝපි කඩේ" වැනි ටෙලිනාට්‍ය ගණනාවක ද රංගනය කළ ඇය ගුවන්විදුලි නිවේදිකාවක් සහ නූර්ති ගී ශිල්පිණියක් ලෙසින් ද ප්‍රකට ය.

"වෙසතුරු සිරිත" චිත්‍රපටයේ ළමා චරිතයක් රංගනය කරමින් සිනමාවට පිවිසි ඇය "සිකුරු දසාව", "තෙවත" සහ "ගිනි අවි සහ ගිනි කෙළි" වැනි චිත්‍රපට කිහිපයක රංගනය කළාය.

ඒ අතුරින් ''ගිනි අවි සහ ගිනි කෙළි" චිත්‍රපටයේ ඇය කළ පද්මෙගෙ බිරිඳගේ චරිතය කැපීපෙනේ.