WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා දෙවැනි එක්දින තරගය අද

2025 February 14- Page Views : 30

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවන හා අවසන් එක්දින තරගය අද (14) පැවැත්වෙනවා.

ඒ අනුව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී දිවා තරගයක් ලෙස පැවැත්වෙන මෙම එක්දින තරගය අද (14) පෙරවරු 10.00 ට ආරම්භවීමට නියමිතයි.

පෙරේදා පැවති පළමු එක්දින තරගය ලකුණු 49කින් ජය ගැනීමත් සමග මේ වන විට තරග 1-0ක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියෙන් පසුවනවා.

අවසන් වරට දෙරට අතර පැවති එක්දින තරගාවලිය තුනට දෙකක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.