රුමේෂ් තරංගට ඔස්ට්‍රේලියාවේදී ජයක්
2025 March 02- Page Views : 30 හෙල්ල විසි කිරීමේ ඉසව්වේ මෙම වසරේ මේ දක්වා වාර්තා වූ ලොව හොඳම දක්ෂතාව දැක්වීමට රුමේෂ් තරංග සමත්වුණි.
ඒ ඔස්ට්‍රේලියාවේ පැවති පර්ත් ට්‍රැක් ක්ලැසික් මලල ක්‍රීඩා තරගාවලියේදීය.
ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන පර්ත් ට්‍රැක් ක්ලැසික් මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්ව සඳහා ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග එක් වුණි.
එහිදී මීටර 85.41ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කිරීමට රුමේෂ් සමත්වුණි.
එම දක්ෂතාව හෙල්ල විසි කිරීමේ ඉසව්වේ මෙම වසරේ මේ දක්වා වාර්තා වූ ලොව හොඳම දක්ෂතාවයි.
ඒ අනුව මේ වසරේ එතෙක් වැඩිම දුර වාර්තා කර තිබූ ඉන්දියාවේ සචින් යාදව්ගේ මීටර 84.39 ක් විසිකිරීම දෙවැනි තැනට පත්වුණි.
රුමේෂ් තරංගට ජපානයේ පැවැත්වෙන ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ඍජුව සුදුසුකම් ලබා ගැනීමට අවශ්‍යය පරිසාදන මට්ටම මෙහිදී අහිමි වුණේ සෙන්ටි මීටර 9කිනි.