WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

සිංහයින් එක්දින ලෝක කුසලානය දිනා අදට වසර 29ක්

2025 March 17- Page Views : 31

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 1996 ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කර අදට වසර 29 ක් සපිරෙනවා.

1996 වසරේ මාර්තු මස 17 වනදා එම ජයග්‍රහණය ශ්‍රී ලංකාව ලබා ගත්තේ අර්ජුන ‍රණතුංග මහතාගේ නායකත්වයෙන් පාකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේදීයි.

ශ්‍රී ලංකාව සමගින් අවසන් මහා තරඟයට ක්‍රිඩාකළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමුව පන්දුවට පහරදුන් අතර ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු‍ 7ක් දැවී ලකුණු 241 ක් ලබා ගත්තා.

අනතුරුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 46යි පන්දු 2කදී කඩුලු‍ 3ක් පමණක් දැවී එම ඉලක්කය පසුකරගියේ පළමු වරට එක්දින ක්‍රිකට් ලෝක කුසලානයක පහස ශ්‍රී ලංකාවට හිමිකර දෙමින්.

ශ්‍රී ලංකාව වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කල අරවින්ද ද සිල්වා අවසන් මහා තරගයේදී නොදැවී ලකුණු 107ක් රැස් කළා