WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න
UPDATE PageCnt SET CntNo=135 WHERE CodeNo=50249
SQLSTATE[08004] [1040] Too many connections

Wild Cookbook ශ්‍රී ලංකා YouTube ඉතිහාසය අලුතින් ලියයි

2025 March 29- Page Views : 135

YouTube අවකාශය තුළ ලොව පුරා ඉමහත් ජනාදරයක් හිමිකරගෙන සිටින ශ්‍රී ලාංකික සූපවේදියෙකු වන චරිත් එන්. සිල්වාගේ යූටියුබ් නාලිකාව වන 'Wild Cookbook' ඊයේ (28) සිය ග්‍රාහකයින් (subscribers) මිලියන 10 පසුකර ගියේය.

ඒ අනුව මිලියන 10ක ග්‍රාහකයින් සංඛ්‍යාවක් ඉක්මවා ගිය පළමු ශ්‍රී ලාංකික නාලිකාවේ හිමිකරුවා බවට ඔහු පත්විය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රථම Diamond Play Button එක හිමිකරගැනීමට ඔහුට හැකිවිය.

2020 වසරේ දී දියත් කරන ලද මෙම යූටියුබ් නාලිකාවේ වීඩියෝ 600කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත් කර ඇති අතර, එය බිලියන 4කට වැඩි නැරඹුම් ලබාගෙන ඇත.

චරිත්ගේ සුවිශේෂී ඉවුම් පිහුම් ශිල්පීය ක්‍රම සහ එය ඉදිරිපත් කරන ආකාරය ඔහුගේ ජනප්‍රියත්වයට ප්‍රධානම හේතුවක් විය.

මෙම සන්ධිස්ථානයට ළඟා වූ චරිත් සිය ප්‍රේක්ෂකයින්ට කෘතඥතාව පළ කරමින් පවසා සිටියේ '10 Million කෝටි වාරයක් ස්තූතියි' යනුවෙනි.

YouTube ග්‍රාහකයින් සංඛ්‍යාව අනුව ඒ ඒ කඩඉම්වලදී එය සංකේතවත් කරමින් විවිධ Play Button ලබා දේ.

පළමු ප්‍රේක්ෂක ලක්ෂයට Silver ලෙසත්, පළමු මිලියනයට Gold Play ලෙසත්, පළමු මිලියන 10ට Diamond ලෙසත් එම Play Button ලබාදීම සිදුකෙරේ.

ඒ අනුව චරිත් යාමට තිබෙන ඊළඟ කඩඉම Red Diamond Play Button එක වන අතර, ඒ සඳහා ඔහු ග්‍රාහකයින් මිලියන 100 සම්පූර්ණ කළ යුතුය.