WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

1967න් වසර 56කට පසු ජාත්‍යන්තර බොක්සිං තරගාවලියක් ශ්‍රී ලංකාවට

2025 April 02- Page Views : 31

2025 ආසියානු වයස අවුරුදු 22න් පහළ සහ යොවුන් බොක්සිං ශූරතාවලිය මැයි 12 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව, මෙම තරගාවලිය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලිය සඳහා රටවල් 30කට අධික ප්‍රමාණයක් සහභාගීවන අතර, ක්‍රීඩකයන් 400කට අධික ප්‍රමාණයක්ද සහභාගී වීමට නියමිත වෙනවා.

ශ්‍රී ලංකා බොක්සිං සභාපති අනුරුද්ධ ශානක බණ්ඩාර පසුගිය කාල සීමාව තුළ රට තුළ තරග රාශියක් සංවිධානය කළ අතර, ඊට සමගාමීව මෙම තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රීලංකාව ලබාගෙන තිබෙනවා.