ජීවිත බිලිගන්නා පිළිකාව ගැන භයානක අනාවරණයක්..
2025 April 02- Page Views : 33 පිළිකාව, අපේ රටේ බොහෝ දෙනෙක් අදටත් මේ නමට ගොඩක් බය වෙනවා කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැ.
සමහරවිට මේ වගේ රෝගාබාධවලට අපි ගොදුරුවන මූලික හේතුව අපේම පුරුදු කියන එක මේ වෙනකොට බොහෝ දේවලින් ඔප්පු වී හමාරයි මේ කියන්න යන්නේ අන්න ඒ භයානක පිළිකාව ගැන ඇසෙන තවත් එක කතාවක්.
මෙරට පිළිකා රෝග ව්‍යාප්තිය පාලනය හා වැළැක්වීම සඳහා ක්‍රියාත්මක වන ජාතික ප්‍රතිපත්ති සහ උපාය මාර්ගික සැලැස්ම පිළිබඳ සමාලෝචනය සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කරන ලද විශේෂඥ කණ්ඩායම, සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී හමු වී තිබෙනවා.
ලෝකයේ පිළිකා රෝගය පාලන සඳහා සේවා සපයනු ලබන ප්‍රමුඛ පෙළේ ආයතන 10ක් නියෝජනය වන පරිදි විශේෂඥයින් 19 දෙනෙකුගෙන් යුත් මෙම විශේෂඥ කණ්ඩායම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි මෙරටට පැමිණි දෙවන අවස්ථාව මෙය ලෙසයි සැලකෙන්නේ.
එම විශේෂඥ කණ්ඩායම පිළිකා රෝගය ව්‍යාප්තිය පාලනය හා වැළැක්වීම සඳහා ගත යුතු ඉදිරි සැලසුම් සහ යෝජනා පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුවත් කිරීමටද පියවර ගත්තා.
මෙරට පිළිකා රෝගය පාලනය සඳහා ගත හැකි කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳ මෙහි දී පූර්ණ අවධානය යොමු කරමින් සාකච්ඡාව පැවැති අතර, පිළිකා ඖෂධ සහ භෞතික සම්පත් සංවර්ධනය පිළිබඳව ද මෙහි දී විශේෂ අවධානය යොමු කර තිබුණා.
මෙරට 2020 සිට 2024 දක්වා කාල පරිච්ඡේදයේ ක්‍රියාත්මක වූ පිළිකා මර්දන වැඩසටහන අධ්‍යයනය කළ මෙම විශේෂඥ කණ්ඩායම පිළිකා ආශ්‍රිත ප්‍රතිපත්ති සහ වැඩසටහන් අධීක්ෂණය කිරීම සඳහා අන්තර් අමාත්‍යාංශ යාන්ත්‍රණයක් පිහිටුවීම කෙරෙහි සාකච්ඡා කර තිබෙනවා.
එහි ඉලක්කගත කණ්ඩායම් ලෙස වතු කම්කරුවන්, ධීවරයින් සහ ගොවියන් නම් කර ඇති අතර ගැබ්ගෙල පිළිකා තුරන් කිරීම සදහා මාත්‍රා දෙකකින් කාන්තාවන්ට පමණක් ලබාදෙන එන්නත තනි මාත්‍රාවක් බැගින් කාන්තා සහ පිරිමි දෙපාර්ශ්වයටම ලබාදීම කෙරෙහිද මෙහිදී අවධානය යොමු කෙරුණා.
මෙරටින් වාර්ෂිකව නව පිළිකා රෝගීන් 33,000කට ආසන්න සංඛ්‍යාවක් සෞඛ්‍ය අංශ මගින් හදුනා ගන්නා බවත්, ඉන් බහුතරයක් මුඛ පිළිකා සහිත පිරිමි පාර්ශ්වය වන බවත් මෙහි දී අනාවරණය වුණා.
එමෙන්ම කාන්තාවන් අතර පියයුරු පිළිකාව ප්‍රධාන තැනක් ගනු ලබන බවත්, පිළිකා රෝගී තත්ත්වයන් හේතුවෙන් වසරකට 19,000කට ආසන්න පිරිසකගේ මියයන බවත් මෙහිදී සඳහන් වුණා.