WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

සම්මානිත මහාචාර්යවරයෙකු වූ ඔහු දිවිසැරිය නිමකරයි..

2025 April 15- Page Views : 33

කාලාන්තරයක් තිස්සේ කාගේත් ආදරය දිනාගනිමින් සිය කාර්‍යන් ඉටුකළ ආදරණීය ගුරු පියෙක් වනවා.

එසේම තමන් සතු ශාස්ත්‍ර ඥානය නොඅඩුව බෙදා දෙන්නටත් ඔහු සමත්කම් දැක්වූ ගුරුවරයෙක්.

සම්මානිත මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ, සෞන්දර්යය කලා විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙකු වන ඔහු ඊයේ දිවිසැරියට සමුදුන්නා.

මියයන විට 72 හැවිරිදි වියේ පසුවූ මහාචාර්‍යවරයාගේ දේහය මේ වන විට බොරලැස්ගමුව, 10 කණුව පාරේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර තිබෙනවා.

ලබන 17 වැනිදා දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීමට නියමිත බවයි දැනගන්නට ලැබෙන්නේ.