WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

සිරි දළදා වන්දනාවේ 06 වැනි දිනය අදයි

2025 April 23- Page Views : 13

දෙස් විදෙස් බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩවන ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලාගෙන වන්දනා කිරීමේ සිරි දළදා වන්දනාවේ 06 වන දිනය අදයි.

පසුගිය දින කිහිපයේදීම ලක්ෂ සංඛ්‍යාත පිරිසක් දළදා වහන්සේ වැඳපුදා ගැනීමට සහභාගී වුණා.

අති පූජනීය ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමේ අවස්ථාව ජනතාවට උදාවූයේ පසුගිය 18 වනදා සිටයි.

එදින සිට සිරි දළදා වන්දනාව පැවැත්වෙන 06වන දිනය වන අද දිනය වනවිට ලක්ෂ සංඛ්‍යාත දෙස් විදෙස් සැදැහැවතුන් පිරිසක් දළදා වහන්සේ වැඳපුදා ගැනීමට පැමිණෙමින් සිටිනවා.

ඔවුන්ට අවශ්‍ය සියලුම පහසුකම් ලබා දීමට ද පියවර ගෙන තිබෙනවා.

ඒ සඳහා ත්‍රිවිධ හමුදාව මෙන්ම පාර්ශ්ව රැසක් සහාය ලබා දෙමින් සිටිනවා.

ආගමික සහජීවනය වඩාත් වර්ධනය කරමින් මුස්ලිම් ජනතාව සිරි දළදා වන්දනාවට පැමිණෙන ජනතාව වෙනුවෙන් දන්සැල් ලබා දීමද විශේෂත්වයක්.

දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට සැදැහැවතුන්ට ලබන 27 වනදා දක්වා අවස්ථාව හිමිවනවා.

ඒ සදහා සුදු වතින් සැරසී පැමිණෙන ලෙසයි මහා නායක ස්වාමීන් වහන්සේ ජනතාවට දැනුම් දෙන්නේ.