බ්‍රිතාන්‍යයේදි වාර්තාගත මුදලකට වෙන්දේසි වූ ටයිටැනික් මගියාගේ ලිපිය...
2025 April 28- Page Views : 31 හැබැයි මේ කියන්න යන්නේ ටයිටැනික් නෞකාවේ ඛේදවාචකය ගැන නම් නෙවෙයි.
ටයිටැනික් නෞකාව ගිලී යෑමට දින කිහිපයකට පෙර කර්නල් ආචිබෝල්ඩ් ග්‍රේසි නැමැත්තා විසින් ලියන ලද ලිපියක් එක්සත් රාජධානියේ පැවති වෙන්දේසියකදී ඩොලර් 400,000ක වාර්තාගත මිලකට අලෙවි වී තිබෙනවා.
අනාගතය ගැන හෙළිකරන තොරතුරක් ලෙස විස්තර කර ඇති මෙම ලිපිය විල්ට්ෂයර් හි හෙන්රි ඕල්ඩ්‍රිජ් සහ පුත්‍ර වෙන්දේසි ආයතනයේදී නිර්නාමික ගැනුම්කරුවකු විසින් මිලදී ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනව.
කෙසේ වෙතත් එහි අපේක්ෂිත මිල වූ ඩොලර් 75,000ක මුදල මෙන් පස් ගුණයකින් වැඩි මිලකට අලෙවි වී ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.
1912 අප්‍රේල් 10 වැනි දින, සවුත්හැම්ප්ටන් වරායෙන් ග්‍රේසි ටයිටැනික් නෞකාවට ගොඩ වූ දිනයේදී දුටු “සුන්දර නෞකාව” පිළිබඳ කරුණු මෙම ලිපියේ අන්තර්ගත වන අතර, සම්පූර්ණ විනිශ්චයක් කිරීමට පෙර ගමනේ අවසානය එනතුරු බලා සිටින බව ප්‍රකාශ කර ඇත.