ඇෆ්ගනිස්තානයේ චෙස් අත්හිටුවයි
2025 May 12- Page Views : 228
ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබේ.
ඒ චෙස් ක්‍රීඩාව සූදුවක් වේයැයි ඇති වූ බිය නිසා බව සඳහන් වේ.
ඉස්ලාමීය නීතිය සමඟ එහි අනුකූලතාවය තීරණය කළ හැකි වන තෙක් ක්‍රීඩාව දින නියමයක් නොමැතිව තහනම් කර ඇති බව නිලධාරීන් පවසා ඇත.
2021 අගෝස්තු මාසයේදී බලය අල්ලා ගැනීමෙන් පසු, තලේබාන්වරු ඉස්ලාමීය නීතිය පිළිබඳ ඔවුන්ගේ දැඩි දැක්ම පිළිබිඹු කරන නීති සහ රෙගුලාසි නිරන්තරයෙන් පනවනු ලැබීය.
ඒ අනුව කාන්තාවන්ට ක්‍රීඩාවකට සහභාගී වීම සම්පූර්ණයෙන් තහනම් කර තිබේ.
තලේබාන් රජයේ ක්‍රීඩා අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රකාශක අටල් මෂ්වානි පවසා ඇත්තේ ඉස්ලාමීය ෂරියා නීතියේ චෙස් "සූදුව සඳහා මාධ්‍යයක් ලෙස සලකනු ලැබේ" යනුවෙනි.
මෙම සලකා බැලීම් විසඳන තුරු, ඇෆ්ගනිස්ථානයේ චෙස් ක්‍රීඩාව අත්හිටුවනු බව ඔහු පවසා ඇත.