ගිනි අවියක් සමඟ සූපවේදීයා අත්අඩංගුවට
2025 June 09- Page Views : 32 විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ උණ්ඩ දාහතරක් සමඟ සූපවේදියෙකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තලවතු ගොඩ ප්‍රදේශයේ පදිංචි 24හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු මෙම ගිනි අවිය කිසියම් අපරාධයක් සඳහා යොදාගත්තේ ද යන්න පිළිබඳව පොලිසිය විමර්ශන සිදු කරයි.