WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගය අද ඇරඹෙයි

2025 June 17- Page Views : 37

සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (17) ආරම්භ වීමට නියමිතියි.

තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවන අතර පැතුම් නිස්සංක , ඕෂද ප්‍රනාන්දු , දිනේෂ් චන්දිමාල් , ඇන්ජලෝ මැතිව්ස් , කුසල් මෙන්ඩිස් , කමිදු මෙන්ඩිස් වැනි ක්‍රීඩකයින් සංචිතයට ඇතුළත්.

නවක ක්‍රීඩකයන් වන සොනාල් දිනුෂ , පවන් රත්නායක , තරිදු රත්නායක , පසිදු සුරියබණ්ඩාර , ඉසිත විජේසුන්දරද 18 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්.

ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටම තුන්ඉරියව් ක්‍රීඩකයෙකු වන ඇන්ජලෝ මැතිව්ස් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ ක්‍රීඩා කරන අවසන් තරගය මෙයයි.

2025 – 2027 ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලිය යටතේ මෙම තරගාවලිය ක්‍රියාත්මක වනවා.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගය අද (17) පෙරවරු 10ට ආරම්භ කිරීමට නියමිතයි.