ඔහු ළඟ තිබූ රුපියල් ලක්ෂ 25ක මුදලත් අතුරුදන්.. ප්‍රසිද්ධ ව්‍යාපාරිකයාගේ අබිරහස් මරණය ගැන ආන්දෝලනාත්මක තොරතුරු රැසක් එළියට...
2025 June 27- Page Views : 39 අබිරසක් මරණය ගැන මේ වෙද්දී තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.
මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන තවත් එක කතාවක්.
කුරුණෑගල - මිල්ලව ප්‍රදේශයේ හෝටල් ඇතුලූ ව්‍යාපාර කිහිපයක් හිමි ප්‍රසිද්ධ ව්‍යාපාරිකයාගේ අභිරහස් මරණය පිළිබඳ සෙවීමට පොලිස් කණ්ඩායම් 8ක් යොදවා තිබෙනවා.
ඝාතනයට ලක්වීමට පෙර එම ව්‍යාපාරිකයා විසින් රන් ආභරණ උකසට තබා ලබාගත් රුපියල් ලක්ෂ 25 ක පමණ මුදලක් ඔහු සතුව තිබී ඇති අතර සිරුර සොයාගැනීමෙන් පසු සිදුකළ පරීක්‍ෂාවේදී එම මුදල මෝටර් රථයේ තිබී හමුවී තිබෙනවා.
ඒ අනුව මෙම මුදල් කුමන කටයුත්තක් සඳහා ළඟ තබාගත්තේ ද නැතහොත් එය ඝාතනය සිද්ධිය සමග සම්බන්ධයක් තිබේ ද යන්න පිළිබඳව විමර්ශන කණ්ඩායම්වල අවධානය යොමුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
එමෙන්ම ඝාතනයට ලක්වූ ව්‍යාපාරිකයාගේ දුරකතන විශ්ලේෂණ වාර්තාවක් ලබාගැනීමට ද පියවර ගෙන තිබෙනවා.
මහව - දියටැඹේ කැළෑබද ප්‍රදේශයක පුලූස්සා දමා තිබියදී මෙම ව්‍යාපාරිකයාගේ සිරුර පොලිසිය විසින් සොයා ගැණුනේ ඊයේ පස්වරුවේදියි.
ඒ, ඔහු නිවසින් පිටව ගිය සිය පුද්ගලික ජීප් රථය තුළ තිබියදීයි. 49 හැවිරිදි මොහු කුරුණෑගල මිල්ලව ප්‍රදේශයේ ව්‍යාපාර කිහිපයක හිමිකරුවෙකු වනවා.
මෙම ව්‍යාපාරිකයා පෙරේදා නිවෙසින් පිටව ගොස් තිබුණේ, කොන්ඩය කැපීම සදහා යන බව පවසමින්.
එහෙත් සවස් වනතුරුත් නිවසට නොපැමිණීම හා ජංගම දුරකතනය ක්‍රියා විරහිත කර තිබීම හේතුවෙන් බිරිද විසින් දොරටියාව පොලිසිය වෙත ඒ පිළිබදව පැමිණිලි කර තිබුණා.
ඒ අතරතුර ගවයන් බැලීමට කැලෑ ප්‍රදේශයට ගිය පුද්ගලයෙකු ලබාදුන් තොරතුරක් ඔස්සේ සිදුකළ පරීක්‍ෂණයකදී පිළිස්සී මියගිය ව්‍යාපාරිකයාගේ සිරුර මෙලෙස හමුවී තිබුණා..