ඉරානය යළි යුරේනියම් බල ගන්වාවි
2025 June 30- Page Views : 223
ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක් වී පහර දෙමින් ඉරාන න්‍යෂ්ටික වැඩසටහන අඩපණ කිරීමට උත්සහ දැරුවත්, ඉරානය තව මාස කීපයකින් යුරේනියම් බල ගන්වා, එම න්‍යෂ්ටික වැඩසටහන යළි ක්‍රියාවට නංවනු ඇතැයි එක්සත් ජාතීන්ගේ පරමාණු බලශක්ති ආයතනයේ (IAEA) ප්‍රධානී රෆායෙල් ග්‍රෝසි පවසයි.
දොළොස් දිනක් තිස්සේ පැවැති ඉරාන ඊශ්‍රායල යුද්ධය අවසන් වූයේ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අණ පරිදි, ඇමෙරිකන් හමුදාව, බෝම්බ දලා ඉරාන න්‍යෂ්ටික ඉලකක්වලට පහර දීමෙන් පසුවය. එම අවස්ථාවේදී ට්‍රම්ප් තරයේ කියා සිටියේ, ඇමෙරිකන් ප්‍රහාර හමුවේ ඉරානයේ න්‍යෂ්ටික අභිලාෂයන් දශක ගණනාවකින් ආපස්සට තල්ලු වුණු බවය.