කොදෙව් ඉනිම ලකුණු 27කට සීමා කළ ඔස්ට්‍රේලියානුවන් වාර්තා අතරට
2025 July 15- Page Views : 223
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර තුන්වන ටෙස්ට් තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් දෙවන ඉනිම ලකුණු 27කට සීමා කිරීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් වුණි.
එය ඉතිහාසයේ දෙවන අඩුම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවද වේ.
ජැමෙයිකාවේ කිංග්ස්ටන් හි දී මෙම තරගය පැවැත්විය.
ටෙස්ට් ක්‍රිකට් පිටියේ කණ්ඩායමක් දැවී ගිය අවම ලකුණු සංඛ්‍යාව වන්නේ, 1955 වසරේ දී එංගලන්ත කණ්ඩායමේ පන්දු යැවීම හමුවේ නවසීලන්තය ලකුණු 26කට සීමාවීමයි.
මේ අතර, ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක් වේගකාරී පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 9කට කඩුලු 6ක් දවා ගත්තේය.
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින් 7 දෙනෙකු ලකුණු නොලබා දැවී යෑම ද විශේෂත්වයකි.