WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඉන්දුනීසියාවට ට්‍රම්ප්ගෙන් තීරු බදු සහනයක්

2025 July 16- Page Views : 223

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉන්දුනීසියාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 19%ක තීරුබදු පනවා තිබේ.

අග්නිදිග ආසියානු රටක් වන ඉන්දුනීසියාව සමග නව ගිවිසුමක් යටතේ ට්‍රම්ප් මෙම තීරණය ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

ඒ අනුව මීට පෙර සඳහන් කර තිබූ 32%ක තීරු බදු පැනවීම 19% දක්වා අඩු කිරීමට ට්‍රම්ප් තීරණය කර තිබේ.

ඉන්දුනීසියාව අමෙරිකානු බලශක්ති සහ කෘෂිකාර්මික නිෂ්පාදන මෙන්ම ඩොලර් බිලියන ගණනක් වටිනා බෝයිං ජෙට් යානා මිලදී ගැනීමට එකඟ වීමෙන් පසුව ට්‍රම්ප් විසින් මෙම සහනය ලබාදී ඇත.