විදුලිසැර වැදී විවාහක කත මරුට
2025 July 18- Page Views : 106
අන්දරවැව ප්‍රදේශයේ නිවසකදි විදුලි සැර වැදිමෙන් 35 හැවිරිදි විවාහක කාන්තාවක් මියගොස් ඇතැයි නොච්චියාගම පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ නොච්චියාගම,අන්දරවැව යන ලිපිනයේ පදිංචි ධර්මසේන මුදියන්සේලාගේ චන්දි ප්‍රියදර්ශනි(35)නැමති විවාහක කාන්තාවකි.
මියගිය කාන්තාව සිය නිවස ආසන්නයේ පිහිටි කකුල් කුඩුවේ දොරටුව වසා දැමිමට ගිය අවස්ථාවේදි කුකුල් කුඩුවට විදුලිය ලබාගැනිම සදහා ඇද තිබු විදුලි වයරයේ ගැටි විදුලි සැර වැදිමේ හේතුවෙන් පිළිස්සුම් තුවාල ලබා ඊයේ(16) නොච්චියාගම රෝහලට ඇතුලත් කොට ප්‍රතිකාර ලබමින් සිටියදි මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.