WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

බංගලියන්ගෙන් තවත් T20 ජයක්

2025 July 23- Page Views : 11

සංචාරක පාකිස්ථාන කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරඟාවලිය ද ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

ඒ, මීර්පූර්හි ඊයේ පැවති දෙවන විස්සයි විස්ස තරඟය ලකුණු 08 කින් ජයගැනීමත් සමඟයි.

ශ්‍රී ලංකාව සමග පැවති විස්සයි විස්ස තරගාවලිය ජයගැනීමෙන් පසු බංග්ලාදේශය මෙම තරගාවලිය ක්‍රීඩා කරනවා.

ඒ අනුව, ඊයේ පැවති තරගයේදී පාකිස්තානයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය නියමිත පන්දුවාර විස්ස අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 133 ක් රැස්කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්ථාන කණ්ඩායමට පන්දු වාර 19 යි පන්දු 2 කදී සියලුදෙනා දැවී රැස්කරගැනීමට හැකිවුණේ ලකුණු 125 ක් පමණයි.

මෙම තරඟය ආරම්භයට පෙර දෙපිළම බංග්ලාදේශයේ පසුගියදා සිදුවූ ගුවන් අනතුරින් මියගිය පිරිස් සිහිකරනු ලැබුවා.

එමෙන්ම තරගයට දිරිගැන්වීම් සහ සංගීත භාවිතය එක්කර නොතිබූ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.