WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගන්නවා - ප්‍රංශ ජනපති

2025 July 25- Page Views : 43

පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගන්නා බව ප්‍රංශ ජනාධිපති ඉමානුවෙල් මැක්රොන් පවසයි.

ප්‍රංශ ජනාධිපතිවරයා මෙසේ පැවැසුවේ, සිය එක්ස් ගිණුම ඔස්සේ සටහනක් තබමිනි. එහි සඳහන් වන්නේ, එලැඹෙන සැප්තැම්බරයේ, ප්‍රංශය, පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගන්නා බවය. ඒ බව සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී විධිමත් ලෙස ප්‍රකාශයට පත් කරන බව ද ජනාධිපති මැක්රොන් පැහැදිලි කර ඇත.

ප්‍රංශ ජනාධිපතිවරයා ගන්නා මෙම පියවර මගින්, ගාසා තීරයේ පලස්තීනුවන්ට ඊශ්‍රායලයෙන් එල්ල වන කෙණෙහිලිකම් සම්බන්ධයෙන් ඊශ්‍රායල රජයට ජාත්‍යන්තරයෙන් දැඩි පීඩනයක් එල්ල වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පැහැදිලි කරති.

ඊට අමතරව, පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගන්නා පළමු බටහිර බලවතා වනු ඇත්තේ ද ප්‍රංශයයි. සෙසු බටහිර යුරෝපා රටවල් ද ප්‍රංශය අනුව යමින්, පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගනු ඇතැයි  දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසය. දැනටමත් 140 කට අධික සංඛ්‍යාවක් පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගෙන ඇතැයි විදෙස් පුවත් සේවා පැහැදිලි කර තිබේ.