WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

නිව්යෝක් නුවර සිදු වූ වෙඩි තැබීමකින් 5ක් මරුට

2025 July 29- Page Views : 226

අමෙරිකාවේ නිව්යෝක් නුවර පිහිටි මහල් ගොඩනැගිල්ලකට කඩාවැදුන තුවක්කුකරුවෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් සිව්දෙනෙක් මියගොස් ඇති අතර තවත් පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඊයේ (28) සවස මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර ලාස් වේගාස් හි සිට පැමිණි 27 හැවිරිදි ෂේන් ටමුරා නැමැති පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව හඳුනාගෙන ඇත.

එමෙන්ම සැකකරු විසින් ඔහුටම වෙඩි තබා ගනිමින් සියදිවි නසාගෙන ඇති බවද වාර්තා වේ.

ඒ අනුව මියගිය පිරිස අතර පොලිස් නිලධාරියෙක්, සිවිල් වැසියන් සහ සැකකරු ද සිටින බව විදසේ මාධ්‍ය වැඩිදුරටත් පවසයි.