ඉම්රාන් ඛාන්ගේ පක්ෂයේ සාමාජිකයින් 108 දෙනෙකුට සිර දඬුවම්
2025 August 01- Page Views : 228
2023 දී හමුදාවට එරෙහි විරෝධතාවලට සම්බන්ධ වීම සම්බන්ධයෙන් සිරගත කර සිටින පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ පක්ෂයේ සාමාජිකයින් 108 දෙනෙකුට සිර දඬුවම් නියම කර තිබෙනවා.
දූෂණ චෝදනා මත අධිකරණයට ඉදිරිපත් කරන අතරතුර ආරක්ෂක අංශ ඛාන් අත්අඩංගුවට ගැනීමෙන් පසු, 2023 මැයි මාසයේදී රට පුරා ප්‍රචණ්ඩ විරෝධතා ඇති වුණා.
පසුගිය වසර දෙක තුළ බලධාරීන් විසින් මේ වනවිටත් විශාල පිරිසකට දඬුවම් ලබා දී තිබෙනවා.
එමෙන්ම විපක්ෂ නායක ඕමාර් අයුබ් ඛාන්ට වසර 10ක සිර දඬුවමක් ඇතුළුව PTI පක්ෂයේ මන්ත්‍රීවරුන් හය දෙනෙකු ඔවුන්ගේ පාර්ලිමේන්තු ආසනවලින් නුසුදුස්සන් ලෙස නම් කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.