WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේ ඒකල ශූරිය රනිත්මා ලියනගේ දිවයිනට පැමිණෙයි

2025 August 05- Page Views : 223

සමස්ත එංගලන්ත කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේ වයස අවුරුදු 19 න් පහළ බාලිකා ඒකල ශූරතාවය දිනා ගනිමින් රන් පදක්කම හිමිකර ගත් ශ්‍රී ලාංකික ක්‍රීඩිකා රනිත්මා ලියනගේ ඊයේ දිවයිනට පැමිණියා.

මෙම තරගාවලිය ලොව රටවල් 13 ක ක්‍රීඩිකාවන් 57 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පසුගිය 31 වනදා සිට පෙරේදා දක්වා එංගලන්තයේ බර්මින්හැම් හීදි පැවැත්වුණා.

එහිදී එංගලන්ත ක්‍රීඩිකාව තරග වට 2 ට 0 ක් ලෙස පරාජයට පත් කරමින් රනිත්මා මෙම ජයග්‍රහණය හිමි කරගෙන තිබෙනවා.

රනිත්මා ලියනගේ මෙරට ජාතික බැඩ්මින්ටන් ශූරිය වන අතර ඇය ගාල්ල, බද්දේගම ක්‍රිස්තුදේව බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍යයාවක්.