WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ට්‍රම්ප් සහ පුටින් හමුවට දින වෙන්වෙයි

2025 August 09- Page Views : 27

රුසියා - යුක්රේන යුද්ධය ගැන සාකච්ඡා කිරීම සඳහා තමන් එළැඹෙන අගෝස්තු 15 වනදා රුසියානු ජනාධිපති ව්ලැඩිමියර් පුටින් හමුවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිල වශයෙන් තහවුරු කර තිබේ.

මෙම හමුව ඇලස්කාවේදී සිදුකිරීමට තීරණය කර ඇති අතර, දෙරටේ නායකයින් හමුවන ස්ථානය පිළිබඳ මෙතෙක් නිශ්චිතව සඳහන් කරන නොමැති බව විදෙස් මාධ්‍ය පවසයි.

මෙලෙස ට්‍රම්ප් හා පුටීන් එක්සත් ජනපද භූමියකදී මුහුණට මුහුණ සාකච්ඡාවක් සිදුකරන්නේ වසර 6කට පමණ පසුව වන අතර, අවසන්වරට ඔවුන් 2019 වසරේ දී හමු වී ඇත.

යුක්රේනය සමග සටන් විරාමයකට එකඟවීමට වැලැද්මීර් පුටින් පසුගියදා එකඟතාව පලකර තිබුණි.

එමෙන්ම අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ දෙරට අතර අත්සන් කිරිමට යෝජිත ගිවිසුමේ භූමි ප්‍රදේශ සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවය.