රුසියානු යෝජනාව සෙලෙන්ස්කි ප්‍රතික්ෂේප කරයි
2025 August 13- Page Views : 5 සටන් විරාමයක් සඳහා ඩොන්බාස් කලාපය අත්හැරීමට රුසියානු යෝජනාව යුක්‍රේනය ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසා තිබේ.
විදෙස් වාර්තා සඳහන් කළේ, සාම ගිවිසුමකට එළැඹීමේදී භූමිය සම්බන්ධ එකඟතාවකට එළැඹිය හැකි බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇති බවය.
කියුව් මඟින් පාලනය කරන ඩොන්බාස් හි කොටස් යටත් කළ යුතු බවට රුසියානු ජනාධිපතිවරයා ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.
මේ අතර රුසියානු හමුදා යුක්‍රේය එරෙහිව අඛණ්ඩව ප්‍රහාර දියත් කරමින් සිටින බවට යුක්‍රේන ජනාධිපතිවරයා චෝදනා කර ඇති බව සඳහන්ය.
ලුහාන්ස්ක් සහ ඩොනෙට්ස්ක් හි නැගෙනහිර ප්‍රදේශවලින් සැදුම්ලත් ඩොන්බාස් ප්‍රදේශයේ කොටසක් මේවනවිටත් රුසියානු පාලනට යටත් ඇත් බව විදෙස් වාර්තා පවසයි.
රුසියාව ලුහාන්ස්ක් සියලු ප්‍රදේශ සහ ඩොනෙට්ස්ක්වලින් 70%ක් පමණ අල්ලාගෙන ඇති බව සඳහන්ය.
කෙසේවෙතත් යුක්‍රේනයේ දේශසීමා බලහත්කාරයෙන් වෙනස් නොකළ යුතු බව යුරෝපා සංගම් නායකයින් ද ප්‍රකාශ කර ඇති බව විදෙස් වාර්තා පැවසුවේය.