අද පැවැත්වීමට නියමිතව තිබූ මලල ක්‍රීඩා නිලවරණය කල්යයි
2025 August 18- Page Views : 76 ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණය දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා.
එම ආයතනය නිවේදනය කළේ නිලවරණය නැවත පැවැත්වෙන දිනය ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද දැනුම් දෙනු ඇති බවයි.
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණය අද පැවැත්වීමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සැලසුම් කර තිබුණා.
මෙම නිලවරණය සම්බන්ධයෙන් අභියාචනා 04ක් ඉදිරිපත් ව තිබූ අතර එම අභියාචනා පිළිබදව සිදුකළ විභාගයෙන් අනතුරුව එක් අභියාචනයක් පිළිගැනීමට සිදුව ඇති බව වාර්තා වනවා.
ඒ අනුව අදාල ඡන්ද විමසීම අද පැවැත්වීමට නීත්‍යානුකූලව නොහැකි බව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර තිබෙනවා.