WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මහීෂ් තීක්ෂණට අංක 1 අහිමිවෙයි

2025 August 21- Page Views : 1187

අයි.සී.සී. එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගැනීමට දකුණු අප්‍රිකානු කන්ඩායමේ කේෂව් මහරාජ් සමත්ව තිබේ.

ඒ අනුව මෙතෙක් ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ සිටි මහීෂ් තීක්ෂණට දෙවන ස්ථානය හිමිවුණි.

අයි.සී.සී. නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව එක්දින පන්දු යවන්නන්ගේ තෙවන ස්ථානය ඉන්දීය කණ්ඩායමේ කුල්දීප් යාදව්ට හිමිව ඇති අතර සිව් වන ස්ථානය නැමීබියා කණ්ඩායමේ බර්නාට් ෂෝල්ට්ස්ට හිමිව තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ වනිදු හසරංග එම සටහනේ අට වන ස්ථානයේ පසු වන අතර දුනිත් වෙල්ලාලගේ 32 වන ස්ථානයේ පසු වෙයි.